Sunday, December 11, 2016

සුනිල් දයානන්ද කෝණාර ගුරු පියාණන් උදෙසා - (ගමට කලින් හිරු ගී පද රචක)

නිල් අඹරට කළු වලාව තියලා නික්ම ගියේ ඇයි නිසොල්මනේ
දහසක් නෙතු අග කඳුළු පුරනවා ඔබ වෙනුවෙන් ගුරු පියාණනේ

සප්ත ස්වරයෙන් ලොවම සිපගත් කවිය නුඹ වී පබැදුණේ
විදු බිමට පෑ අපේ සඳ ඔබ නිහඬ ඇයිදෝ අද දිනේ

නිල් අඹරට.............

වැවක් හිඳුනම ගෙනෙන පාඩුව දනී ගොවියා කෙත් බිමේ
ඔබේ මතකය රැඳේ අප ළඟ නික්ම ගියෙ ඇයි ඔබ මෙසේ

නිල් අඹරට.............

ගී පද රචනය:- ෂෙහාන් තුෂාර හේමාල්
සුනිල් දයානන්ද කෝනාර ගුරු පියාණන් උදෙසා
(ගමට කලින් හිරු ගී පද රචක)
(Song Writer of Gamata Kalin Hiru)